expr:class='"loading" + data:blog.mobileClass'>

Pages

Saturday, April 28, 2012

පේරා යන්න ආසයි

මුලින්ම සුභ අළුත් අවුරුද්දක් වේවා යාළුවන්ට !!!. මට ඊයේ දවස මගේ ජීවිතයේ අමතකම නොවන දවසක් . මම ඊයේ කැම්පස් ගියානේ :D හිකිස් බිකිස් ප්‍රදර්ශනයක් බලන්න . EFI 2012 තමයි බලන්න ගියේ ගොඩක් අය ගියා . ඉතින් අපිට පුළුවන් වුනා ජීවිතයේ පළවෙනි වතාවට කැම්පස් එකකට යන්න. ගොඩක් ආසා හිතුනා පේරා කැම්පස් එකට. තව අවුරුද්දකින් විතර තියන විභාගෙන් හොඳට පාස් වුනොත් මේකට ලේසියෙන්ම එන්න පුළුවනි නේ කියලා මතක් වුනේ එතකොටයි. ඇත්තටම මහන්සි වෙලා වැඩ කරනවා කියලා හිතාගත්තා පුළුවන් වුනොත් පේරා යන්න වාසනාවක් ලැබෙයි කියලා හිතනවා. 
ඉතින් යාළුවනේ මාස දෙකක් තුනක් මාව මේ ලැප් කට්ටෙන් අම්මා බලෙන් තමයි ඈත් කරලා තිබ්බේ. ඒකයි බ්ලොග් එක පැත්තේ ආවෙත් නැත්තේ. ඒත් අදින් පස්සේ ඒ දේ කරන්නේ කැමැත්තෙන්මයි. මම එහෙනම් මේ බ්ලොගියට මාස 16ක විතර නිවාඩුවක් දෙන්නයි යන්නේ. මාස කිහිපයකින් නවත්තන්න කිසිම අදහසක් තිබුනේ නෑ. ඒ උනත් ජීවිතයේ වැදගත්ම අවුරුද්ද කියලා හිතුනා ඉතින් යාළුවනේ .  ස්තුති කරන්න ඕනේ මේ වගේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා විශ්වවිද්‍යාලය කියන්නේ මේ වගේ තැනක් කියලා පෙන්නලා දෙන්න කටයුතු කරපු හැමෝටම. ඒ වගේම ඔයාලටත් ස්තුතියි යාළුවනේ :) එහෙනම් 2013 අගෝස්තු මාසය ඉවර වෙලා හම්බවෙමු. මම යනවා ටටා බායි වේවා එහෙනම් Smiley 

Monday, February 13, 2012

මගෙ නම හැදුනු හැටි

සති දෙකකින් විතර තමා බ්ලොග් එක පැත්තේ ගොඩවැදුනේ. මේ පෝස්ට් එක ලියන්න හිතලා සතියකටත් වැඩියි. කොහෙද අපේ ගුරු පියතුමන්ලා අපිට කොච්චර ආදරෙයිද කියනවනම් වැලන්ටයින් දවසේ parent's meeting එක දාලා ඉතින් මේ දවස්වල අපි අකුරට වැඩSmiley 
දැන් කස්ටිය හිතනවා ඇති මොකක්ද මේ මගෙ නම හැදුණු හැටි කියන්නෙ කියලා . අහ් නෑ නෑ යාළුවෝ හදපු නම නෙවෙයි ඇත්තම නම . මම දන්න හැටියට නම දැම්මෙ අම්මා උනත් සිදත් අයියා කියන්නෙ වෙනම කතාවක්.TWITTER කියන්නේ මගේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ඒක නිසා දැන් බුකිය අවශ්‍ය නැති තරමටම පත්වෙලා ඉතින් ඒකේ වුනු රසවත් සිද්ධියක් තමා මේ

 ඇත්තටම සිද්ධිය මේකයි මගෙ තියන පණ්ඩිතකම නිසා මම මේ සිදත් අයියගෙ නම ලස්සන විග්‍රහයකට ලක් කලා මෙන්න මෙහෙම








ඒකට හම්බවුණු ප්‍රතිචාරෙ තමා මේSmiley


  මොනවා උනත් ඉතින් සිදත් අයියාගේ හැකියාව පෙන්නන්නත් එක්ක දාන්න හිතුවා බොලොග් පොඩ්ඩෙ
ඔන්න බලාගන්න මේ තියෙන්නෙ මගෙ නම හැදුණු හැටිලු

මෙන්න  ගේ නමේ අතීත කථාව. (පාකිස්ථානු නම ) : අතීතයේ පාකිස්ථානයේ විසූ 'ෂක්ලේන්' නම් කොළු ගැටයෙකු කුඩාවියේදී ඇතිවූ මහා ගං වතුරක් හේතුවෙන් ගසාගෙන ගොස් මහ මුහුදේ දින ගණනක් පාවෙමින් සිටියේය. වාසනාවකට මෙන් ඔහු ශ්‍රී ලංකාව නම් දූපතකට ගසා ආවේය. එහිදී වයඹ ප්‍රදේශයේ පවුලක් විසින් ඔහුව තම දරුවෙකු ලෙස සාදා ගැනීමට ඉදිරිපත් විය. ඇතිවූ ගං වතුරේදී ඇතුවූ කම්පනයන් හේතුවෙන්, ඔහුගෙ මොළවේ යම් පරිපථ ලුහුවත් වීමක් සිදුවී තිබීම නිසා මොහුට සියලු දේ පවසන්නේ මුල අග පටලවාය. මොහුගේ නම විමසූ මාපියන් හට මොහු පැවසූවේ 'ෂක්ලේන්' යනුවෙන් නොව 'ලෙක්ෂාන්' යනුවෙන්. පසුකලක කාලයත් සමඟ මෙය 'ලක්ෂාන්' බවට පත්වියSmiley.

හරි එහනෙම් දැන් දන්නවනේ මගෙ නම හැදුනු හැටිත් 
එහෙනම් අදට මම ගියා ටටා බායි!!!!!!!!!!!!!!! Smiley 


Smiley

Tuesday, January 31, 2012

sony පවුලේ අළුත් වැඩකාරයා

sony-xperia-s-main_large_verge_medium_landscape

                                                                                 

Sony Ericsson පවුලට අළුතින්ම එකතුවුන සාමාජිකයා තමා Sony Xperia s කියන්නෙ. මෙච්චර කාලයක් Sony Ericsson නමින් ආපු මේ පවුල අළුත් සාමාජිකයත් එක්කම ලෝක ප්‍රසිද්ධ Sony පවුලට එකතුවෙනවා .පසුගියදා තිබුණු Consumer Electronics Show (CES) නම් ප්‍රදර්ශනයේදී හඳුන්වා දුන් මේ ෆෝන් එකත් එක්කම අළුත් විශේෂාංග වගේම තිබුණු විශේෂාංග වැඩිදියුණු කරලා තියනවා.

12 MP Cam 1 ක් , Multi-touch up to 10 fingers, 1GB RAM, Dual-core 1.5 GHz CPU,32GB internal memory (මෙතනින් වැඩි විස්තර )වැනි විශේෂාංග අතරේ තවත් වැඩිය ප්‍රසිද්ධ කරපු නැති විශේෂාංග දෙකක් ගැන කියන්නයි මම යන්නෙ ;-) ඒ දෙක තමයි

1. Anti-stain shell

2. Fast charge capability

Anti-stain මගින් කෙරෙන්නෙ දුරකතනය පිරිසිදුවට තියාගන්න උදව් වෙන එකයි සාමාන්‍යය  පිසදැමීමක් මගින් කුණු දූවිලි ඉවත්  කරලා පිරිසිදු කරන්න පුළුවනි කියලා තමයි කියන්නෙ. මේක සූර්යයාගෙන් පිටවන UV කිරණ සමගත් ප්‍රතික්‍රියා කරනවා.හරියටම කිව්වොත් මේක නැනො අංශු වලින් සාදපු හමක් නැත්නම් කබායක් වගෙයි. 

Fast charge capability මගින් ඉතාම ඉක්මනින් බැටරිය Charge කරගන්න පුලුවනි. ඔවුන් කියන හැටියට මිනිත්තු 10 ක් Charge කිරීම මගින් පැයක කතා කාලයක් ලබාගැනීමට හැකියි. බැටරියෙහි පළමු 80% Charge වීමට ගතවන්නේ මිනිත්තු 30ක් පමණයි. මෙය දිනක පාවිච්චියට ප්‍රමාණවත් වන අතර ඉතිරි 20% සඳහා වැඩි කාලයක් ගතවන්නේ බැටරියේ පැවැත්ම පිණිසයි. මෙන්න මේ video එකත් බලන්න .

මෙහි තිබෙන දුර්වලතාවයන් 3ක් පමණයි මම දකින්නේ එනම් LED Flash , internal memory සහ Internal/ Non user replaceable battery යන ඒවා පමණයි .

මෙම වසරේ අංක 1 ජංගම දුරකතනය වීමට ඉඩ තිබෙන Sony පවුලට එකතවුනු අළුත් වැඩකාරයාට පොඩ්ඩාගෙන්ගෙන් සුභ පැතුම් !!!!!!!

අදට මම ගියා එහෙනම් ට ටා බායි ……………..!Smiley 

මේ තියෙන්නේ Xperia s demo video එක . source: xperia blog

ප.ලි:- Blog එක ටිකක් වෙනස් කලා හිතෙන දෙයක් කියලම යන්න හොඳේ :-)

Wednesday, January 18, 2012

පොඩ්ඩා රඟපෑව හැටි …

මම නම් නෙවෙයි  මේ :p 


ඔන්න මේක මට වෙච්ච දෙයක් .මේ සිද්දිය වෙනකොට පොඩ්ඩා සා/පෙ ලියලවත් තිබුනෙ නෑ . මම කලින්ගියපු ඉස්කෝලේ තමා උනේ හොඳේ . ඒ කාලේ මම රඟපාන්න පුදුම ආසාවක් තිබ්බේ ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි නාට්‍යයක් කරලා ලංකාවෙන් 2වන් ස්ථානය  ගන්න පුලුවන් උනා පොඩ්ඩා ලංකාවෙන් හොඳම නළුවා උනා කියමුකෝ .ඒ ඉස්කෝලේ තියනවා පූජා කියලා ප්‍රසංගයක් . පෙන්නන්නේ ඒ අවුරුද්දේ පළාත් සමස්ත ලංකා දිනපු ඒවා ඉතින් පොඩ්ඩලාගේ නාට්‍යත් ඕකට තේරුනා කියමුකෝ.

ඒකේ මම කලේ ප්‍රධාන චරිතේ (යකෙක්) හික් හික්

ඔන්න එදා 10.30 දර්ශනේ අවුලක් නෑ හොඳට කලා.2.30 තමා අවුල උනේ

මුලින්ම මට තියෙන්නේ වේදිකාවේ මැද්දට ගිහින් හූවක් දාලා  මොනවද කියන්න  (  මම බලනකොට hall එකේ 1250 විතර කිසි සද්දයක් නෑ බලන් ඉන්නවා

) දැන් මමත් ගිහින් පටන් ගත්තා උඩ පැනලා හූව දැම්මා විතරයි පොඩි එකෙක් උහෑ කියපි ඔක්කෝම හිනා වෙනවා මමත් බොහොම අමාරුවෙන් හිනාව නවත්තා ගෙන කරගෙන ගියා

අවසාන හරියේ දී තමා අනික් සිද්දිය ඒකෙ තියනවා යකා ගමරාල පස්සෙන් එලවන සීන් එකක් ඔන්න ඉතින් මමත් එලවගෙන යනවා ස්ටේජ් එකේ රවුමටනේ දුවන්නේ ඒ අස්සේ අර සින්දු කියන බෙර ගහන උන්ට හැන්ගෙන්න තියන රෙද්දක් පෑගිලා ලිස්සලා ගිහින් ද්ඩොන් ගාලා බිම බිමට ලෑලි දාලා තිබුනේ අඩි සද්ද හොඳට ඇහෙන්න අනේ පොඩ්ඩා නොදැනුවත්වම අකුරු දෙක තුනකුත් කියවිලා :( මොනවා කරන්නද ශේප් එකේ ඉතුරු දෙබස් කියලා ආවා මුලු හෝල් එකම හිනා වෙනවා ටිකකින් බලනකොට දණහිස සම්පූර්ණයෙන්ම.ඉදිමිලා කොහොම හරි ඊලඟ 6.30 දර්ශනේට අපේ නාට්‍යය කරන්න බැරි උනා (ප්‍රධාන නළුවා නැතුව මොන නාට්ටිද හික් හික් ) කොහොම හරි අපි 6.30 දර්ශනේ බැලුවා ඒක ඉවරවෙලා කවුද කියනවා ඇහුනා

මෙච්චර හොඳ නාට්ටිය අයින් කරලනේ අපරාදේ අය සැරයක් බලන්න ආවේ …… හික් හික්



ප.ලි. මේක මට ඇත්තටම උනු දෙයක් ලුනු ඇඹුල් ටිකක් දාලා ලීවා රඟපාපු යාලුවෝ ඔක්කොම මතක් කරනවා

ප.ප.ලි මේ දවස්වල පරිගනකයා ලෙඩවෙලා ජංගමයෙන් තමා ලිව්වේ. අඩුපාඩු වැඩි ඇති සමාව භාජනයක දාන්න හොදේ



Published with Blogger-droid v2.0.3

Monday, January 16, 2012

ටෙස්ට් එකක් හොඳේ :p

ටෙස්ටින්ග් 1 blogger droid

Monday, December 26, 2011

We pray for you….. !

 
tsunami

2004 දෙසැම්බර් 26 කියන්නෙ අපි කාටත් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ දිනයක්. අපි කිසිදා අත්නොවිඳි කාවන්තිස්ස රජතුමා ගේ කාලයේ පමණක් සිදුවූවායැයි සැලකුනු රුදුරු දළ රළ පෙළ  ගොඩගැලූ ඒ දිනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිවෙකුට අමතක වන්නේ නැහැ. බොහෝ අයගේ බලාපොරොත්තු දෙදරවමින්  ඥාතීන් හිතවතුන් උදුරාගනිමින් ඒ රුදුරු

ජල කඳ ගොඩගැලුවා .තමා සතු සියළු දේ අහිමි කරමින් ඇඳි වත පමණක් ඉතිරි කිරීමට ඒ හිත් පිත් නැති ජල රකුසාට ගත වුනේ නිමේෂයක් . මෙමගින් ජීවිත අහිමි වූ ගණන (ලංකාවේ පමණක්) 30,974 ක් වෙනවා (CNN World)

ශ්‍රී ලාංකිකයන් එදින විපතට පත් වූවන්ට උදව් කිරීමට තමන්ට හැකි අයුරින් එකමුතු වූ අයුරු ප්‍රශංසනීයයි . සහනාධාර එකතු කිරීම් මධ‍්‍යස්ථාන වලට ඔවුන් සහනාධාර පරිත්‍යාග කලේ සිංහල , දෙමළ , මුස්ලිම් කිසිදු භේදයකින් තොරවයි. එදින ශ්‍රී ලාංකිකයන් රටක් ලෙස එකමුතු වූ අයුරු  ශ්‍රේෂ්ඨයි! මම ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා.

ඒ රුදුරු අඳුරු දිනයට වසර 7 ක් ගතවී භෞතිකව බොහෝ දේ යථා තත්ත්වයට පත්වී තිබුනත් අපගේ සිත් තුල ඇතිවූ කැලැල් මකා දැමීමට තවම කාලයට හැකියාවක් ලැබී නැහැ.ඒ නිසා අපි සදාතනිකව අප හැරගිය සියලු ඥාතීන් වෙනුවෙන් යාඥා කරමු ! ඔවුන්ට නිවන් සුව පතමු !!!!!!!

 

ජපානයේ මේ වසර මුලදී සිදු වූ භූමිකම්පාවත් සුනාමියෙන් මියගිය හා අවතැන් වූ අය වෙනුවෙන් YouTube හි ගායකයින් 55 දෙනෙක් එකතු වී ගීතයක් නිර්මාණය කලා එයත් මම මෙම Post එකට එකතු කලා. We Pray For You …… !

 

Wednesday, December 14, 2011

Root නොකර Android phone එකේ සිංහලෙන් වැඩ කරමු 2



කලින් ලියපු post එකේ දෙවනි කොටස තමා ලියන්න යන්නේ පළවෙනි කොටස බලපු නැති අය මෙතනින් බලන්න. මම කීවනේ තව Application තුනක් ගැනම කියන්න තියනවා කියලා. ඉතින් මම දැන් කියන්න හදන්නේ ඒ Application තුන ගැන තමා !!
මම මුලින්ම කියන්න යන්නෙ Etisalat පාවිච්චි කරන අයට විතරක් පාවිච්චි කරන්න පුළුවන් සිංහල දෙමළ දෙකම බලන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් ගැන හැබැයි මේක මගෙ phone එකේ තිබුනට මට use කරන්නනම් හම්බවුනේ නෑ මොකද මම Etisalat පාවිච්චි කරන්නෙ නැති නිසා මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 515kb තමා වෙන්නෙ






               Application එක         මෙතනින් බාගන්න


හරි දැන් තවත් වැදගත්ම වෙන Application එකක් මම මුලින් කියපු හෙලකුරු Application එකෙන් මැසේජස් ටයිප් කරන්න පුළුවන් වුනාට එන මැසේජස් කොටු කොටු විදියට තමා පේන්නේ එතනම වැඩේ ඉවරයිනේSmiley
නෑ නෑ ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා තව තියනවා එළකිරි Application එකක් සිංහලෙන් මැසේජස් යවන්න විතරක් නෙවෙයි එන මැසේජස් සිංහලෙන් බලාගන්නත් පුළුවන්කම තියනවා.Type කරන්නනම් ටිකක් අමාරුයි ඒ උනාට හෙළකුරු use කරලා type කරන්න පුළුවනි නේ. මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 862kb තමා වෙන්නෙ




කැමති අය                         මෙතනින් බාගන්න 









අවසාන එකනම් මම කියන්න යන්නේ සිංහල ඉංග්‍රීසි Dictionary එක ගැන ඒක ගැනනම් අය අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ විස්තර ටික කියනවනම්  මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 3.8 mb වෙනවා   බාගන්න කැමති අය                            මෙතනින්  බාගන්න 
             සියළුම sshot Android Market මගින් ලබාගන්නා ලදී


මේ Application ගැන ගොඩක් අය දන්නවා  ඇති දන්නැති එක්කෙනෙකුට හරි උදව්වක් වෙයි කියලා තමා ලීවේ අනිවාර්යයෙන් ඉදිරියෙදී කවි කතා විවිධ දේ අරගෙන ඇවිත් බ්ලොග් එක කලවම් කරන්න බලාපොරොත්තු වෙනවාSmiley. කස්ටිය Like එකක් කමෙන්ට් එකක් follow පාරක් දාලම යන්න හොඳේ !. ටික දවසකින් හම්බවෙමු ......... අවසානයේ මට Blog එක ලස්සන කරගන්න මගේ අඩුපාඩු පෙන්නලා දුන්නු ශානු අක්කිට ස්තුතිය !
මම යනවා ටටා බායි........Smiley!!!!!

Tuesday, December 13, 2011

Root නොකර Android phone එකේ සිංහලෙන් වැඩ කරමු 1


 ඔන්න කස්ටිය මම පළවෙනියෙන්ම ලියන්න යන post එක ඉතින් හිතුවා මුල්ම එක වෙච්ච එකේ එක්කෙනෙකුට හරි වැදගත් දෙයක් ලියන්න ඕනි කියලා. කවුරුත් කැමතිනෙ Android phone එකක් පාවිච්චි කරන්න, ගත්තහම තියන තුට්ටු දෙකත් නැති වුනත්Smiley.  ඉතින් ඒ වුනාට Android phone එකකට සිංහල දාන්න Root කරන්න ඕනි හැබැයි මේ වැඩෙන් අළුත්ම phone එකක් නම් වගකීම අවලංගු වෙන්න පුළුවනිSmiley.  කවුද කැමති වගකීම අවලංගු කරගන්න ගත්තු අළුතSmiley. මමත් ඔය ප්‍රශ්නෙ ආව කාලෙ අහලා බැලුවා කීප දෙනෙක්ගෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් Application එකක්. දන්නෑ කියන උත්තරේ තමා හම්බ වුනේ. මමත් market එක පෙරලලා හෙව්වා
යුරේකා යුරේකා මං හොයාගත්තා Smiley.

 කිසි අවුලක් නැතුව අවශ්‍ය තැනක සිංහල type කරන්න පුළුවන් නොමිලේ ලබාදෙන Application එකක් . හෙළකුරු කියලා තමා නම් කරලා තියෙන්නේ 284kb විතරයි! අනික් Android Application වලට සාපේක්ෂව පොඩි වුනාට සෑහෙන්න වටිනවා :) ටයිප් කරන දේ සිංහලෙන් මේ විදියට එළකිරි එකට පේනවාSmiley 


අහ් මේක හදලා තියෙන්නෙ මෙයාලා  App එක 
මෙතනින් බාගන්න  

සැ.යු:- QWERTY keyboard එකක් තියන phone වල ටයිප් කිරීම සඳහා screen එකම භාවිතා කරන්න  


                                       sshot ලබාගැනීම android market මගින්


මෙහෙම තිබුනා කියලා වෙබ් බ්‍රව්සර් එකේ සිංහල පේන්නෙ නැත්තම් මොකුත් කරන්න බෑ නේ මම නම් සිංහල බලාගන්න පාවිච්චි කරන්නේ Opera mini වෙබ් බ්‍රව්සර් එක.
(opera mobile smart phones වලට තිබුනත් ඒකෙන් මේ වැඩේ කරන්න බෑ) . දන්න අය ගොඩක් හිටියත් දන්නැති අයත් ඉන්න පුළුවන් නිසා ඒ වැඩෙත් කියන්නම් steps හතරයි.
1. opera mini application එකට යන්න
2. Address Bar එකෙ Opera:config කියලා ටයිප් කරන්න
3. එන page එකේ යටම තියනවා "Use bitmap fonts for complex scripts" එක                        "NO"කියලා ඇත්තෙ ඒක "YES" කරන්න 
4. save කරන්න දැන් එළකිරි එකට පේනවා ඇති Smiley (පැහැදිලි නැති අය sshot බලන්න )
    Opera mini නැත්නම් මෙතනින් බාගන්න






තව සිංහලෙන් වැඩ කරන්න ඕනි වෙන Application තුනක් තියනවා එව්වත් දැම්මාම post එක ගොඩක් දිග වෙන නිසා ඒවා තව කොටසක් විදියට වෙනමම දාන්නම්  හරිනේ.කස්ටිය කියවලා කමෙන්ට් එකකුත් දාලම යන්න හොඳේ.
( Opera Mini වලින් සිංහල බලන්න මමත් පුරුදු වුනේ මෙන්න මේ post එක දැකලා )
එහෙනම් අදට මම ගියා ටටා බායි ............!!!Smiley 


Monday, December 12, 2011

ඇරඹුම



ඉස්කෝලේ නත්තල් නිවාඩුවත් ආවනේ Smiley අදට මම O/L ලියලා අවුරුද්දක් වෙන දවසේ තමා මේ ලියවිල්ල පටන් ගන්න යන්නේ. බ්ලොග් එකක් ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි කාලිංග අයියගේ , බනියගේ , රත්ගමයගේ ect....... බ්ලොග් කියවනකොට ලියන්න හිතුනත් ආසාව හොඳටම වැඩි වුනේ Twitter ආවට පස්සෙ මොකද ඒකෙ ඉන්න ගොඩක් දෙනෙක් බ්ලොග් ලියනවනේ මෙහෙම  අන්තිමේදී ශාන් ගේ සිතුවිලි කියන බ්ලොග් පොඩ්ඩ මේ විදියට පටන් ගත්තා .

හරි  කොහොම හරි දැන් පටන් ගත්තා නෙ, දැන් හිතාගන්න බෑ මොනවා ලියන්නද කියලා.  මට පේන දේ දැනෙන දේ පුළුවන් විදියට ලියන්නයි හිතන් ඉන්නේ . බලමු එහෙම ලියලාSmiley දෙයක් පටන්ගන්නයි අමාරුම කියනවනේ. හිතනවා කස්ටියට අළුත් දෙයක් දෙන්න මට පුළුවන් වෙයි කියලා  . මම ලියන එව්වා ගැන හිතෙන දේ කෙලින්ම කියන්න කිසිම තරහක් නෑ . ඔන්න පටන් ගන්නකොටම කිව්වා  හරී .
එහෙම කියලා කස්ටිය රචනයක් වගේ කියලා පළවෙනි  එකටම බනින්න පටන් ගනීද දන්නෙ නෑ Smiley. කමක් නෑ කස්ටිය කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ.
එහෙනම් අදට මම ගියා  ටටා බායි.............! Smiley