expr:class='"loading" + data:blog.mobileClass'>
sony පවුලේ අළුත් වැඩකාරයා
Sony Ericsson පවුලට අළුතින්ම එකතුවුන සාමාජිකයා තමා Sony Xperia s කියන්නෙ. මෙච්චර කාලයක් Sony Ericsson නමින් ආපු මේ පවුල අළුත් සාමාජිකයත් එක්කම ලෝක ප්‍රසිද්ධ Sony පවුලට එකතුවෙනවා .පසුගියදා තිබුණු Consumer Electronics Show (CES) නම් ප්‍රදර්ශනයේදී හඳුන්වා දුන් මේ ෆෝන් එකත් එක්කම අළුත් විශේෂාංග වගේම තිබුණු විශේෂාංග වැඩිදියුණු කරලා තියනවා.
12 MP Cam 1 ක් , Multi-touch up to 10 fingers, 1GB RAM, Dual-core 1.5 GHz CPU,32GB internal memory (මෙතනින් වැඩි විස්තර )වැනි විශේෂාංග අතරේ තවත් වැඩිය ප්‍රසිද්ධ කරපු නැති විශේෂාංග දෙකක් ගැන කියන්නයි මම යන්නෙ ;-) ඒ දෙක තමයි
1. Anti-stain shell
2. Fast charge capability
Anti-stain මගින් කෙරෙන්නෙ දුරකතනය පිරිසිදුවට තියාගන්න උදව් වෙන එකයි සාමාන්‍යය පිසදැමීමක් මගින් කුණු දූවිලි ඉවත් කරලා පිරිසිදු කරන්න පුළුවනි කියලා තමයි කියන්නෙ. මේක සූර්යයාගෙන් පිටවන UV කිරණ සමගත් ප්‍රතික්‍රියා කරනවා.හරියටම කිව්වොත් මේක නැනො අංශු වලින් සාදපු හමක් නැත්නම් කබායක් වගෙයි.
Fast charge capability මගින් ඉතාම ඉක්මනින් බැටරිය Charge කරගන්න පුලුවනි. ඔවුන් කියන හැටියට මිනිත්තු 10 ක් Charge කිරීම මගින් පැයක කතා කාලයක් ලබාගැනීමට හැකියි. බැටරියෙහි පළමු 80% Charge වීමට ගතවන්නේ මිනිත්තු 30ක් පමණයි. මෙය දිනක පාවිච්චියට ප්‍රමාණවත් වන අතර ඉතිරි 20% සඳහා වැඩි කාලයක් ගතවන්නේ බැටරියේ පැවැත්ම පිණිසයි. මෙන්න මේ video එකත් බලන්න .
මෙහි තිබෙන දුර්වලතාවයන් 3ක් පමණයි මම දකින්නේ එනම් LED Flash , internal memory සහ Internal/ Non user replaceable battery යන ඒවා පමණයි .
මෙම වසරේ අංක 1 ජංගම දුරකතනය වීමට ඉඩ තිබෙන Sony පවුලට එකතවුනු අළුත් වැඩකාරයාට පොඩ්ඩාගෙන්ගෙන් සුභ පැතුම් !!!!!!!
අදට මම ගියා එහෙනම් ට ටා බායි ……………..!
මේ තියෙන්නේ Xperia s demo video එක . source: xperia blog
ප.ලි:- Blog එක ටිකක් වෙනස් කලා හිතෙන දෙයක් කියලම යන්න හොඳේ :-)
No comments:
Post a Comment
හිතෙන දෙයක් කියලම යන්න !!!!!