expr:class='"loading" + data:blog.mobileClass'>

Pages

Tuesday, December 13, 2011

Root නොකර Android phone එකේ සිංහලෙන් වැඩ කරමු 1


 ඔන්න කස්ටිය මම පළවෙනියෙන්ම ලියන්න යන post එක ඉතින් හිතුවා මුල්ම එක වෙච්ච එකේ එක්කෙනෙකුට හරි වැදගත් දෙයක් ලියන්න ඕනි කියලා. කවුරුත් කැමතිනෙ Android phone එකක් පාවිච්චි කරන්න, ගත්තහම තියන තුට්ටු දෙකත් නැති වුනත්Smiley.  ඉතින් ඒ වුනාට Android phone එකකට සිංහල දාන්න Root කරන්න ඕනි හැබැයි මේ වැඩෙන් අළුත්ම phone එකක් නම් වගකීම අවලංගු වෙන්න පුළුවනිSmiley.  කවුද කැමති වගකීම අවලංගු කරගන්න ගත්තු අළුතSmiley. මමත් ඔය ප්‍රශ්නෙ ආව කාලෙ අහලා බැලුවා කීප දෙනෙක්ගෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් Application එකක්. දන්නෑ කියන උත්තරේ තමා හම්බ වුනේ. මමත් market එක පෙරලලා හෙව්වා
යුරේකා යුරේකා මං හොයාගත්තා Smiley.

 කිසි අවුලක් නැතුව අවශ්‍ය තැනක සිංහල type කරන්න පුළුවන් නොමිලේ ලබාදෙන Application එකක් . හෙළකුරු කියලා තමා නම් කරලා තියෙන්නේ 284kb විතරයි! අනික් Android Application වලට සාපේක්ෂව පොඩි වුනාට සෑහෙන්න වටිනවා :) ටයිප් කරන දේ සිංහලෙන් මේ විදියට එළකිරි එකට පේනවාSmiley 


අහ් මේක හදලා තියෙන්නෙ මෙයාලා  App එක 
මෙතනින් බාගන්න  

සැ.යු:- QWERTY keyboard එකක් තියන phone වල ටයිප් කිරීම සඳහා screen එකම භාවිතා කරන්න  


                                       sshot ලබාගැනීම android market මගින්


මෙහෙම තිබුනා කියලා වෙබ් බ්‍රව්සර් එකේ සිංහල පේන්නෙ නැත්තම් මොකුත් කරන්න බෑ නේ මම නම් සිංහල බලාගන්න පාවිච්චි කරන්නේ Opera mini වෙබ් බ්‍රව්සර් එක.
(opera mobile smart phones වලට තිබුනත් ඒකෙන් මේ වැඩේ කරන්න බෑ) . දන්න අය ගොඩක් හිටියත් දන්නැති අයත් ඉන්න පුළුවන් නිසා ඒ වැඩෙත් කියන්නම් steps හතරයි.
1. opera mini application එකට යන්න
2. Address Bar එකෙ Opera:config කියලා ටයිප් කරන්න
3. එන page එකේ යටම තියනවා "Use bitmap fonts for complex scripts" එක                        "NO"කියලා ඇත්තෙ ඒක "YES" කරන්න 
4. save කරන්න දැන් එළකිරි එකට පේනවා ඇති Smiley (පැහැදිලි නැති අය sshot බලන්න )
    Opera mini නැත්නම් මෙතනින් බාගන්න






තව සිංහලෙන් වැඩ කරන්න ඕනි වෙන Application තුනක් තියනවා එව්වත් දැම්මාම post එක ගොඩක් දිග වෙන නිසා ඒවා තව කොටසක් විදියට වෙනමම දාන්නම්  හරිනේ.කස්ටිය කියවලා කමෙන්ට් එකකුත් දාලම යන්න හොඳේ.
( Opera Mini වලින් සිංහල බලන්න මමත් පුරුදු වුනේ මෙන්න මේ post එක දැකලා )
එහෙනම් අදට මම ගියා ටටා බායි ............!!!Smiley 


6 comments:

  1. හොඳ පෝස්ට් එකක් මල්ලි ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක් ගත්තු දවසක වැඩේ කරලා බලන්නම්කො

    තව මේකේ වර්ඩ් වෙරිෆිකේෂන්ස් අයින් කරන්න

    ReplyDelete
  2. meka niyamai..issara opera mini eken sinhala akuru kiyavanna ba..dan meke vidiyata kalaama sinhala kiyavanna puluvan... niyamai.. :)

    ReplyDelete
  3. @ශානි තැන්කූ අක්කී , අනිවාර්යයෙන්ම කරල බලන්න :)
    උපදෙස් වලට ස්තූතියි !

    ReplyDelete
  4. @prasadini සතුටුයි උදව්වක් කරන්න ලැබීම ගැන :)

    ReplyDelete
  5. මචං උඹ android ෆෝන් එකක් කවද හරි root කරල තියෙනවනම් root කරනව කියන්නෙ මොකක්ද කියල පෝස්ට් එකක් ලියපන්.

    ඒ වගේම Opera Mini එකෙන් සිංහල ‍fonts පේන විදිහට හදාගන්න උඹ ඉගෙන ගත්තෙ යාඵවෙක්ගෙන් නිසා "මම මේක ‍ඉගෙන ගත්තෙ යාළුවෙක්ගෙන්" කියලවත් දාලා ඒ යාළුව ගැන මතක් කරපන්.

    ReplyDelete
  6. @isuru71
    නැහැ මම තාම තනියෙන් android phone එකක් root කරලා නෑ. තාම ගත්තා විතරනේ :p
    අහ් මතක් කරපු එක හොඳයි post එක නැවත හැදුවා . තැන්කූ :)

    ReplyDelete

හිතෙන දෙයක් කියලම යන්න !!!!!