expr:class='"loading" + data:blog.mobileClass'>

Pages

Monday, December 26, 2011

We pray for you….. !

 
tsunami

2004 දෙසැම්බර් 26 කියන්නෙ අපි කාටත් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ දිනයක්. අපි කිසිදා අත්නොවිඳි කාවන්තිස්ස රජතුමා ගේ කාලයේ පමණක් සිදුවූවායැයි සැලකුනු රුදුරු දළ රළ පෙළ  ගොඩගැලූ ඒ දිනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිවෙකුට අමතක වන්නේ නැහැ. බොහෝ අයගේ බලාපොරොත්තු දෙදරවමින්  ඥාතීන් හිතවතුන් උදුරාගනිමින් ඒ රුදුරු

ජල කඳ ගොඩගැලුවා .තමා සතු සියළු දේ අහිමි කරමින් ඇඳි වත පමණක් ඉතිරි කිරීමට ඒ හිත් පිත් නැති ජල රකුසාට ගත වුනේ නිමේෂයක් . මෙමගින් ජීවිත අහිමි වූ ගණන (ලංකාවේ පමණක්) 30,974 ක් වෙනවා (CNN World)

ශ්‍රී ලාංකිකයන් එදින විපතට පත් වූවන්ට උදව් කිරීමට තමන්ට හැකි අයුරින් එකමුතු වූ අයුරු ප්‍රශංසනීයයි . සහනාධාර එකතු කිරීම් මධ‍්‍යස්ථාන වලට ඔවුන් සහනාධාර පරිත්‍යාග කලේ සිංහල , දෙමළ , මුස්ලිම් කිසිදු භේදයකින් තොරවයි. එදින ශ්‍රී ලාංකිකයන් රටක් ලෙස එකමුතු වූ අයුරු  ශ්‍රේෂ්ඨයි! මම ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා.

ඒ රුදුරු අඳුරු දිනයට වසර 7 ක් ගතවී භෞතිකව බොහෝ දේ යථා තත්ත්වයට පත්වී තිබුනත් අපගේ සිත් තුල ඇතිවූ කැලැල් මකා දැමීමට තවම කාලයට හැකියාවක් ලැබී නැහැ.ඒ නිසා අපි සදාතනිකව අප හැරගිය සියලු ඥාතීන් වෙනුවෙන් යාඥා කරමු ! ඔවුන්ට නිවන් සුව පතමු !!!!!!!

 

ජපානයේ මේ වසර මුලදී සිදු වූ භූමිකම්පාවත් සුනාමියෙන් මියගිය හා අවතැන් වූ අය වෙනුවෙන් YouTube හි ගායකයින් 55 දෙනෙක් එකතු වී ගීතයක් නිර්මාණය කලා එයත් මම මෙම Post එකට එකතු කලා. We Pray For You …… !

 

No comments:

Post a Comment

හිතෙන දෙයක් කියලම යන්න !!!!!