Tuesday, January 31, 2012
sony පවුලේ අළුත් වැඩකාරයා
අදට මම ගියා එහෙනම් ට ටා බායි ……………..!
Wednesday, January 18, 2012
පොඩ්ඩා රඟපෑව හැටි …
![]() |
| මම නම් නෙවෙයි මේ :p |
ඔන්න මේක මට වෙච්ච දෙයක් .මේ සිද්දිය වෙනකොට පොඩ්ඩා සා/පෙ ලියලවත් තිබුනෙ නෑ . මම කලින්ගියපු ඉස්කෝලේ තමා උනේ හොඳේ . ඒ කාලේ මම රඟපාන්න පුදුම ආසාවක් තිබ්බේ ඔන්න ඉතින් කොහොමින් කොහොමින් හරි නාට්‍යයක් කරලා ලංකාවෙන් 2වන් ස්ථානය ගන්න පුලුවන් උනා පොඩ්ඩා ලංකාවෙන් හොඳම නළුවා උනා කියමුකෝ .ඒ ඉස්කෝලේ තියනවා පූජා කියලා ප්‍රසංගයක් . පෙන්නන්නේ ඒ අවුරුද්දේ පළාත් සමස්ත ලංකා දිනපු ඒවා ඉතින් පොඩ්ඩලාගේ නාට්‍යත් ඕකට තේරුනා කියමුකෝ.
ඒකේ මම කලේ ප්‍රධාන චරිතේ (යකෙක්) හික් හික්
ඔන්න එදා 10.30 දර්ශනේ අවුලක් නෑ හොඳට කලා.2.30 තමා අවුල උනේ
මුලින්ම මට තියෙන්නේ වේදිකාවේ මැද්දට ගිහින් හූවක් දාලා මොනවද කියන්න ( මම බලනකොට hall එකේ 1250 විතර කිසි සද්දයක් නෑ බලන් ඉන්නවා
) දැන් මමත් ගිහින් පටන් ගත්තා උඩ පැනලා හූව දැම්මා විතරයි පොඩි එකෙක් උහෑ කියපි ඔක්කෝම හිනා වෙනවා මමත් බොහොම අමාරුවෙන් හිනාව නවත්තා ගෙන කරගෙන ගියා
අවසාන හරියේ දී තමා අනික් සිද්දිය ඒකෙ තියනවා යකා ගමරාල පස්සෙන් එලවන සීන් එකක් ඔන්න ඉතින් මමත් එලවගෙන යනවා ස්ටේජ් එකේ රවුමටනේ දුවන්නේ ඒ අස්සේ අර සින්දු කියන බෙර ගහන උන්ට හැන්ගෙන්න තියන රෙද්දක් පෑගිලා ලිස්සලා ගිහින් ද්ඩොන් ගාලා බිම බිමට ලෑලි දාලා තිබුනේ අඩි සද්ද හොඳට ඇහෙන්න අනේ පොඩ්ඩා නොදැනුවත්වම අකුරු දෙක තුනකුත් කියවිලා :( මොනවා කරන්නද ශේප් එකේ ඉතුරු දෙබස් කියලා ආවා මුලු හෝල් එකම හිනා වෙනවා ටිකකින් බලනකොට දණහිස සම්පූර්ණයෙන්ම.ඉදිමිලා කොහොම හරි ඊලඟ 6.30 දර්ශනේට අපේ නාට්‍යය කරන්න බැරි උනා (ප්‍රධාන නළුවා නැතුව මොන නාට්ටිද හික් හික් ) කොහොම හරි අපි 6.30 දර්ශනේ බැලුවා ඒක ඉවරවෙලා කවුද කියනවා ඇහුනා
මෙච්චර හොඳ නාට්ටිය අයින් කරලනේ අපරාදේ අය සැරයක් බලන්න ආවේ …… හික් හික්
ප.ලි. මේක මට ඇත්තටම උනු දෙයක් ලුනු ඇඹුල් ටිකක් දාලා ලීවා රඟපාපු යාලුවෝ ඔක්කොම මතක් කරනවා
ප.ප.ලි මේ දවස්වල පරිගනකයා ලෙඩවෙලා ජංගමයෙන් තමා ලිව්වේ. අඩුපාඩු වැඩි ඇති සමාව භාජනයක දාන්න හොදේ
Published with Blogger-droid v2.0.3
Monday, January 16, 2012
Monday, December 26, 2011
We pray for you….. !
2004 දෙසැම්බර් 26 කියන්නෙ අපි කාටත් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ දිනයක්. අපි කිසිදා අත්නොවිඳි කාවන්තිස්ස රජතුමා ගේ කාලයේ පමණක් සිදුවූවායැයි සැලකුනු රුදුරු දළ රළ පෙළ ගොඩගැලූ ඒ දිනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිවෙකුට අමතක වන්නේ නැහැ. බොහෝ අයගේ බලාපොරොත්තු දෙදරවමින් ඥාතීන් හිතවතුන් උදුරාගනිමින් ඒ රුදුරු
ජල කඳ ගොඩගැලුවා .තමා සතු සියළු දේ අහිමි කරමින් ඇඳි වත පමණක් ඉතිරි කිරීමට ඒ හිත් පිත් නැති ජල රකුසාට ගත වුනේ නිමේෂයක් . මෙමගින් ජීවිත අහිමි වූ ගණන (ලංකාවේ පමණක්) 30,974 ක් වෙනවා (CNN World)
ශ්‍රී ලාංකිකයන් එදින විපතට පත් වූවන්ට උදව් කිරීමට තමන්ට හැකි අයුරින් එකමුතු වූ අයුරු ප්‍රශංසනීයයි . සහනාධාර එකතු කිරීම් මධ‍්‍යස්ථාන වලට ඔවුන් සහනාධාර පරිත්‍යාග කලේ සිංහල , දෙමළ , මුස්ලිම් කිසිදු භේදයකින් තොරවයි. එදින ශ්‍රී ලාංකිකයන් රටක් ලෙස එකමුතු වූ අයුරු ශ්‍රේෂ්ඨයි! මම ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා.
ඒ රුදුරු අඳුරු දිනයට වසර 7 ක් ගතවී භෞතිකව බොහෝ දේ යථා තත්ත්වයට පත්වී තිබුනත් අපගේ සිත් තුල ඇතිවූ කැලැල් මකා දැමීමට තවම කාලයට හැකියාවක් ලැබී නැහැ.ඒ නිසා අපි සදාතනිකව අප හැරගිය සියලු ඥාතීන් වෙනුවෙන් යාඥා කරමු ! ඔවුන්ට නිවන් සුව පතමු !!!!!!!
ජපානයේ මේ වසර මුලදී සිදු වූ භූමිකම්පාවත් සුනාමියෙන් මියගිය හා අවතැන් වූ අය වෙනුවෙන් YouTube හි ගායකයින් 55 දෙනෙක් එකතු වී ගීතයක් නිර්මාණය කලා එයත් මම මෙම Post එකට එකතු කලා. We Pray For You …… !
Subscribe to:
Posts (Atom)




