සති දෙකකින් විතර තමා බ්ලොග් එක පැත්තේ ගොඩවැදුනේ. මේ පෝස්ට් එක ලියන්න හිතලා සතියකටත් වැඩියි. කොහෙද අපේ ගුරු පියතුමන්ලා අපිට කොච්චර ආදරෙයිද කියනවනම් වැලන්ටයින් දවසේ parent's meeting එක දාලා ඉතින් මේ දවස්වල අපි අකුරට වැඩ
දැන් කස්ටිය හිතනවා ඇති මොකක්ද මේ මගෙ නම හැදුණු හැටි කියන්නෙ කියලා . අහ් නෑ නෑ යාළුවෝ හදපු නම නෙවෙයි ඇත්තම නම . මම දන්න හැටියට නම දැම්මෙ අම්මා උනත් සිදත් අයියා කියන්නෙ වෙනම කතාවක්.TWITTER කියන්නේ මගේ ප්‍රියතම සමාජ ජාල වෙබ් අඩවිය ඒක නිසා දැන් බුකිය අවශ්‍ය නැති තරමටම පත්වෙලා ඉතින් ඒකේ වුනු රසවත් සිද්ධියක් තමා මේ
ඇත්තටම සිද්ධිය මේකයි මගෙ තියන පණ්ඩිතකම නිසා මම මේ සිදත් අයියගෙ නම ලස්සන විග්රහයකට ලක් කලා මෙන්න මෙහෙම
ඒකට හම්බවුණු ප්‍රතිචාරෙ තමා මේ

මොනවා උනත් ඉතින් සිදත් අයියාගේ හැකියාව පෙන්නන්නත් එක්ක දාන්න හිතුවා බොලොග් පොඩ්ඩෙ
ඔන්න බලාගන්න මේ තියෙන්නෙ මගෙ නම හැදුණු හැටිලු
මෙන්න ගේ නමේ අතීත කථාව. (පාකිස්ථානු නම ) : අතීතයේ පාකිස්ථානයේ විසූ 'ෂක්ලේන්' නම් කොළු ගැටයෙකු කුඩාවියේදී ඇතිවූ මහා ගං වතුරක් හේතුවෙන් ගසාගෙන ගොස් මහ මුහුදේ දින ගණනක් පාවෙමින් සිටියේය. වාසනාවකට මෙන් ඔහු ශ්‍රී ලංකාව නම් දූපතකට ගසා ආවේය. එහිදී වයඹ ප්‍රදේශයේ පවුලක් විසින් ඔහුව තම දරුවෙකු ලෙස සාදා ගැනීමට ඉදිරිපත් විය. ඇතිවූ ගං වතුරේදී ඇතුවූ කම්පනයන් හේතුවෙන්, ඔහුගෙ මොළවේ යම් පරිපථ ලුහුවත් වීමක් සිදුවී තිබීම නිසා මොහුට සියලු දේ පවසන්නේ මුල අග පටලවාය. මොහුගේ නම විමසූ මාපියන් හට මොහු පැවසූවේ 'ෂක්ලේන්' යනුවෙන් නොව 'ලෙක්ෂාන්' යනුවෙන්. පසුකලක කාලයත් සමඟ මෙය 'ලක්ෂාන්' බවට පත්විය
.
හරි එහනෙම් දැන් දන්නවනේ මගෙ නම හැදුනු හැටිත්
එහෙනම් අදට මම ගියා ටටා බායි!!!!!!!!!!!!!!!