expr:class='"loading" + data:blog.mobileClass'>

Pages

Monday, December 26, 2011

We pray for you….. !

 
tsunami

2004 දෙසැම්බර් 26 කියන්නෙ අපි කාටත් නොමැකෙන මතක සටහන් ඉතිරි කළ දිනයක්. අපි කිසිදා අත්නොවිඳි කාවන්තිස්ස රජතුමා ගේ කාලයේ පමණක් සිදුවූවායැයි සැලකුනු රුදුරු දළ රළ පෙළ  ගොඩගැලූ ඒ දිනය ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි කිසිවෙකුට අමතක වන්නේ නැහැ. බොහෝ අයගේ බලාපොරොත්තු දෙදරවමින්  ඥාතීන් හිතවතුන් උදුරාගනිමින් ඒ රුදුරු

ජල කඳ ගොඩගැලුවා .තමා සතු සියළු දේ අහිමි කරමින් ඇඳි වත පමණක් ඉතිරි කිරීමට ඒ හිත් පිත් නැති ජල රකුසාට ගත වුනේ නිමේෂයක් . මෙමගින් ජීවිත අහිමි වූ ගණන (ලංකාවේ පමණක්) 30,974 ක් වෙනවා (CNN World)

ශ්‍රී ලාංකිකයන් එදින විපතට පත් වූවන්ට උදව් කිරීමට තමන්ට හැකි අයුරින් එකමුතු වූ අයුරු ප්‍රශංසනීයයි . සහනාධාර එකතු කිරීම් මධ‍්‍යස්ථාන වලට ඔවුන් සහනාධාර පරිත්‍යාග කලේ සිංහල , දෙමළ , මුස්ලිම් කිසිදු භේදයකින් තොරවයි. එදින ශ්‍රී ලාංකිකයන් රටක් ලෙස එකමුතු වූ අයුරු  ශ්‍රේෂ්ඨයි! මම ඒ ගැන ශ්‍රී ලාංකිකයෙක් හැටියට ආඩම්බර වෙනවා.

ඒ රුදුරු අඳුරු දිනයට වසර 7 ක් ගතවී භෞතිකව බොහෝ දේ යථා තත්ත්වයට පත්වී තිබුනත් අපගේ සිත් තුල ඇතිවූ කැලැල් මකා දැමීමට තවම කාලයට හැකියාවක් ලැබී නැහැ.ඒ නිසා අපි සදාතනිකව අප හැරගිය සියලු ඥාතීන් වෙනුවෙන් යාඥා කරමු ! ඔවුන්ට නිවන් සුව පතමු !!!!!!!

 

ජපානයේ මේ වසර මුලදී සිදු වූ භූමිකම්පාවත් සුනාමියෙන් මියගිය හා අවතැන් වූ අය වෙනුවෙන් YouTube හි ගායකයින් 55 දෙනෙක් එකතු වී ගීතයක් නිර්මාණය කලා එයත් මම මෙම Post එකට එකතු කලා. We Pray For You …… !

 

Wednesday, December 14, 2011

Root නොකර Android phone එකේ සිංහලෙන් වැඩ කරමු 2



කලින් ලියපු post එකේ දෙවනි කොටස තමා ලියන්න යන්නේ පළවෙනි කොටස බලපු නැති අය මෙතනින් බලන්න. මම කීවනේ තව Application තුනක් ගැනම කියන්න තියනවා කියලා. ඉතින් මම දැන් කියන්න හදන්නේ ඒ Application තුන ගැන තමා !!
මම මුලින්ම කියන්න යන්නෙ Etisalat පාවිච්චි කරන අයට විතරක් පාවිච්චි කරන්න පුළුවන් සිංහල දෙමළ දෙකම බලන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් ගැන හැබැයි මේක මගෙ phone එකේ තිබුනට මට use කරන්නනම් හම්බවුනේ නෑ මොකද මම Etisalat පාවිච්චි කරන්නෙ නැති නිසා මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 515kb තමා වෙන්නෙ






               Application එක         මෙතනින් බාගන්න


හරි දැන් තවත් වැදගත්ම වෙන Application එකක් මම මුලින් කියපු හෙලකුරු Application එකෙන් මැසේජස් ටයිප් කරන්න පුළුවන් වුනාට එන මැසේජස් කොටු කොටු විදියට තමා පේන්නේ එතනම වැඩේ ඉවරයිනේSmiley
නෑ නෑ ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා තව තියනවා එළකිරි Application එකක් සිංහලෙන් මැසේජස් යවන්න විතරක් නෙවෙයි එන මැසේජස් සිංහලෙන් බලාගන්නත් පුළුවන්කම තියනවා.Type කරන්නනම් ටිකක් අමාරුයි ඒ උනාට හෙළකුරු use කරලා type කරන්න පුළුවනි නේ. මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 862kb තමා වෙන්නෙ




කැමති අය                         මෙතනින් බාගන්න 









අවසාන එකනම් මම කියන්න යන්නේ සිංහල ඉංග්‍රීසි Dictionary එක ගැන ඒක ගැනනම් අය අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ විස්තර ටික කියනවනම්  මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 3.8 mb වෙනවා   බාගන්න කැමති අය                            මෙතනින්  බාගන්න 
             සියළුම sshot Android Market මගින් ලබාගන්නා ලදී


මේ Application ගැන ගොඩක් අය දන්නවා  ඇති දන්නැති එක්කෙනෙකුට හරි උදව්වක් වෙයි කියලා තමා ලීවේ අනිවාර්යයෙන් ඉදිරියෙදී කවි කතා විවිධ දේ අරගෙන ඇවිත් බ්ලොග් එක කලවම් කරන්න බලාපොරොත්තු වෙනවාSmiley. කස්ටිය Like එකක් කමෙන්ට් එකක් follow පාරක් දාලම යන්න හොඳේ !. ටික දවසකින් හම්බවෙමු ......... අවසානයේ මට Blog එක ලස්සන කරගන්න මගේ අඩුපාඩු පෙන්නලා දුන්නු ශානු අක්කිට ස්තුතිය !
මම යනවා ටටා බායි........Smiley!!!!!

Tuesday, December 13, 2011

Root නොකර Android phone එකේ සිංහලෙන් වැඩ කරමු 1


 ඔන්න කස්ටිය මම පළවෙනියෙන්ම ලියන්න යන post එක ඉතින් හිතුවා මුල්ම එක වෙච්ච එකේ එක්කෙනෙකුට හරි වැදගත් දෙයක් ලියන්න ඕනි කියලා. කවුරුත් කැමතිනෙ Android phone එකක් පාවිච්චි කරන්න, ගත්තහම තියන තුට්ටු දෙකත් නැති වුනත්Smiley.  ඉතින් ඒ වුනාට Android phone එකකට සිංහල දාන්න Root කරන්න ඕනි හැබැයි මේ වැඩෙන් අළුත්ම phone එකක් නම් වගකීම අවලංගු වෙන්න පුළුවනිSmiley.  කවුද කැමති වගකීම අවලංගු කරගන්න ගත්තු අළුතSmiley. මමත් ඔය ප්‍රශ්නෙ ආව කාලෙ අහලා බැලුවා කීප දෙනෙක්ගෙන්ම සිංහලෙන් type කරන්න පුළුවන් Application එකක්. දන්නෑ කියන උත්තරේ තමා හම්බ වුනේ. මමත් market එක පෙරලලා හෙව්වා
යුරේකා යුරේකා මං හොයාගත්තා Smiley.

 කිසි අවුලක් නැතුව අවශ්‍ය තැනක සිංහල type කරන්න පුළුවන් නොමිලේ ලබාදෙන Application එකක් . හෙළකුරු කියලා තමා නම් කරලා තියෙන්නේ 284kb විතරයි! අනික් Android Application වලට සාපේක්ෂව පොඩි වුනාට සෑහෙන්න වටිනවා :) ටයිප් කරන දේ සිංහලෙන් මේ විදියට එළකිරි එකට පේනවාSmiley 


අහ් මේක හදලා තියෙන්නෙ මෙයාලා  App එක 
මෙතනින් බාගන්න  

සැ.යු:- QWERTY keyboard එකක් තියන phone වල ටයිප් කිරීම සඳහා screen එකම භාවිතා කරන්න  


                                       sshot ලබාගැනීම android market මගින්


මෙහෙම තිබුනා කියලා වෙබ් බ්‍රව්සර් එකේ සිංහල පේන්නෙ නැත්තම් මොකුත් කරන්න බෑ නේ මම නම් සිංහල බලාගන්න පාවිච්චි කරන්නේ Opera mini වෙබ් බ්‍රව්සර් එක.
(opera mobile smart phones වලට තිබුනත් ඒකෙන් මේ වැඩේ කරන්න බෑ) . දන්න අය ගොඩක් හිටියත් දන්නැති අයත් ඉන්න පුළුවන් නිසා ඒ වැඩෙත් කියන්නම් steps හතරයි.
1. opera mini application එකට යන්න
2. Address Bar එකෙ Opera:config කියලා ටයිප් කරන්න
3. එන page එකේ යටම තියනවා "Use bitmap fonts for complex scripts" එක                        "NO"කියලා ඇත්තෙ ඒක "YES" කරන්න 
4. save කරන්න දැන් එළකිරි එකට පේනවා ඇති Smiley (පැහැදිලි නැති අය sshot බලන්න )
    Opera mini නැත්නම් මෙතනින් බාගන්න






තව සිංහලෙන් වැඩ කරන්න ඕනි වෙන Application තුනක් තියනවා එව්වත් දැම්මාම post එක ගොඩක් දිග වෙන නිසා ඒවා තව කොටසක් විදියට වෙනමම දාන්නම්  හරිනේ.කස්ටිය කියවලා කමෙන්ට් එකකුත් දාලම යන්න හොඳේ.
( Opera Mini වලින් සිංහල බලන්න මමත් පුරුදු වුනේ මෙන්න මේ post එක දැකලා )
එහෙනම් අදට මම ගියා ටටා බායි ............!!!Smiley 


Monday, December 12, 2011

ඇරඹුම



ඉස්කෝලේ නත්තල් නිවාඩුවත් ආවනේ Smiley අදට මම O/L ලියලා අවුරුද්දක් වෙන දවසේ තමා මේ ලියවිල්ල පටන් ගන්න යන්නේ. බ්ලොග් එකක් ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි කාලිංග අයියගේ , බනියගේ , රත්ගමයගේ ect....... බ්ලොග් කියවනකොට ලියන්න හිතුනත් ආසාව හොඳටම වැඩි වුනේ Twitter ආවට පස්සෙ මොකද ඒකෙ ඉන්න ගොඩක් දෙනෙක් බ්ලොග් ලියනවනේ මෙහෙම  අන්තිමේදී ශාන් ගේ සිතුවිලි කියන බ්ලොග් පොඩ්ඩ මේ විදියට පටන් ගත්තා .

හරි  කොහොම හරි දැන් පටන් ගත්තා නෙ, දැන් හිතාගන්න බෑ මොනවා ලියන්නද කියලා.  මට පේන දේ දැනෙන දේ පුළුවන් විදියට ලියන්නයි හිතන් ඉන්නේ . බලමු එහෙම ලියලාSmiley දෙයක් පටන්ගන්නයි අමාරුම කියනවනේ. හිතනවා කස්ටියට අළුත් දෙයක් දෙන්න මට පුළුවන් වෙයි කියලා  . මම ලියන එව්වා ගැන හිතෙන දේ කෙලින්ම කියන්න කිසිම තරහක් නෑ . ඔන්න පටන් ගන්නකොටම කිව්වා  හරී .
එහෙම කියලා කස්ටිය රචනයක් වගේ කියලා පළවෙනි  එකටම බනින්න පටන් ගනීද දන්නෙ නෑ Smiley. කමක් නෑ කස්ටිය කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ.
එහෙනම් අදට මම ගියා  ටටා බායි.............! Smiley